PinK ink

* හැරී පොටර්ගේ දිනපොත

නිස්කාරණේ මොන කෙහෙල්මලකට තමන්ව තමන්ගේ තාත්තත් එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරෙන්නේ නැති මෝඩයා

අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච හැරී පොටර්ගේ දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පේලිය ඩ්‍රැකෝ කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම.

මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි දන්න කාලේ ඉඳලම හතුරෝ නිසා. අද උනත් එකට අවුරර් සහකාරයෝ හැටියට වැඩ කලත් ඒකේ වෙනසක් නෑ. අනේ මට ආපහු අතීතයට ගිහින් එදා ඩ්රැකෝ අත දික්කරපු වෙලේ ඒක පිලිගන්න පුලුවන්නම්.

කුරුටු අකුරු දිගේ හිමිහිට ඇඟිලි තුඩු ගෙනියන ගමන් ඩ්‍රැකෝගේ හිත අතීතයේ ඒ අවාසනාවන්ත දවසට ඇදිලා ගියා. එදා ඩ්‍රැකෝ හැග්රිඩ්ට අපහාස කලේ නැත්නම්, වීස්ලිත් එක්ක රණ්ඩුවක් ඇදල ගත්තේ නැත්නම් හැරී තමන්ගේ අත පිලිගන්න තිබ්බ බව ඩ්‍රැකෝ කල්පනා කලා.

එයා මං දිහා බලා ඉන්න හැම වෙලාවෙම මට හුස්ම ගන්න පවා අමතක වෙනවා. හැම වෙලාවෙම මට හිතෙනව ගිහින් එයාව තදින් බදාගන්න. මට ඕනෙ එයාව ඉඹින්න, එයාට කියන්න එයා වෙනුවෙන් ලෝකේ කෙලවරටම උනත් යන්න මම ලෑස්තියි කියල. මම හොග්වර්ට්ස් කාලේ එයාට වෛර කරපු බව ඇත්ත. ඉතින් මොකද ?”

ඩ්‍රැකෝට කෑගහන්න ඕන උනා එයාටත් හැරී වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් කියල. ඒත් හැරී එහා පැත්තේ කාමරේ ඉන්න බවත්, එහෙම කලොත් දිනපොත හොරෙන් ගත්තු බව අහුවෙන බවත් ඩ්‍රැකෝට මතක් උනා.

මම එයාට ගොඩක් ආදරෙයි. මදිද ?”

ඇති. හොඳටම ඇති. ඩ්‍රැකෝට හයියෙන් කෑගහලා අඞන්න ඕන උනා. ඒත් කිසිම සද්දයක් පිටනොකර හිටියේ එහෙම කලොත් එහා කාමරේ ඉඳන් හැරී මුමුණන සින්දුවට බාධා වෙන නිසා.

යුද්ධේ ඉවර වෙලා අවුරුදු හතරක් ගතවුනා. ඒත් ඇයි තාමත් මිනිස්සු එයාට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැත්තේ ? මුන් ඔක්කොම එයා සියදිවි නසාගන්නකන් කරදර කරාවි. පත්තර කාරයන්ටත් ඊට වඩා හොඳ ආරංචියක් නැති වෙයි. මැල්ෆෝයි පරපුරේ අන්තිමයා සියදිවි නසා ගනියි.පත්තරේ එහෙම යයි.

ඩ්‍රැකෝ එලියට පනින්න ආපු ඉකිබිඳුම අමාරුවෙන් නවත්ත ගත්තත් කඳුලු නවත්තගන්න බැරි උනා. ඩ්‍රැකෝ අද ඉස්කෝලේ යන කාලේ හිටපු රදල තාත්තාගේ පුතා නෙමේ. යුද්ධය ගොඩක් දේවල් වෙනස් කලා.මම ඩ්රැකෝ මැල්ෆෝයිට ආදරෙයි. එච්චරයි. මගේ හැඟීම් වලට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. මම කොහෙවත් යනසක්කිලින්ට, පාහර පත්තරකාරයන්ට, ස්කීටර් වගේ ගණිකාවන්ට ඉඩ දෙන්නෙ නෑඑයාට තව දුරටත් කරදර කරන්න. එයා මගේ. ඒක ගලේ කොටපු දෙයක් වගේස්ථිරයි. එයා වෙනුවෙන් නැති මගේ මැජික් යශ්ඨිය වෙන මොනාටද ?”

ඩ්‍රැකෝගේ ඇඟිලි වෙව්ලන්න ගත්තා. ඇහේ කඳුලු නිසා හරියට පේන්නෙ නැතුව ගියා.

ඕන කෙනෙක් ඕන ඕපදූපයක් පතුරපුවාවේ. එකෙක්ටවත් අපිව වෙන් කරන්නබෑ. මම මගේ උපරිමයෙන් එයාව ආරක්ෂා කරනවා. ඩ්රැකෝ මැල්ෆෝයිටත්අයිතියක් තියෙනවා සතුටු වෙන්න. ඇයි හැම කෙනාම අයිතියට හරස් වෙන්නෙ?”

මට එහා පැත්තේ කියුබිකල් එකේ ඉන්න එයාගේ හුස්ම ගන්න සද්දේ තරම් මාවසන්සුන් කරන්න පුලුවන් වෙන සද්දයක් නෑ. එයා කරදරේක නම් මොකක් හරිප්රශ්නයක් නම් මම දැන ගන්නේ එතකොට එයාගේ හුස්ම ගන්න සද්දේ නෑහෙනතරමට අඩුවෙන නිසා.

මට ඇහෙනවා අනිත් අය එයාට අපහාස වෙන්න කියන කතා, ඇනුම්පද. ඔක්කොම මරල දාන්න පුලුවන්නම් වෙනුවෙන් ඇස්කබාන් හිරගෙදරට යන්නඋනත් මම ලෑස්තියි.

සමහර වෙලාවට කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න හදන එයාගේඋත්සාහය කඩන් වැටෙනවා මම දැකල තියෙනවා. එයා එහෙම දකිනවා තරම් දුකක්මට තවත් නෑ. ඉස්කෝලේ යන කාලේ ඩ්රැකෝ කියන්නේ කාටවත් අල්ලන්නවත්බැරි කෙනෙක්. එයාට සංසන්දනය කරන්න කිසිම කෙනෙක් නෑ. එයා අඩු පාඩුවක්නැති අපූරු මිනිහෙක්. එයාට පාඩුවේ ඉන්න දීපන් කියල මුලු ලෝකෙටම කෑගහලකියන්න ඕනේ මට. අවුරුදු කීපක් තිස්සේ එයා දුක් වින්දා හොඳටම ඇති. අවංකහිනාවක් එයාගේ මූනේ මම මෙච්චර කාලෙකට කවදාවත්ම දැකල නෑ.

ඒ වෙලාවේ ඩ්‍රැකෝ කඳුලු අතරින් හිනා වුනා.

ඩ්රැකෝ කොච්චර යටහත් පහත් කෙනෙක්ද කියල මට තේරෙන්නේ දැනුයි. මමතරමටම වොල්ඩ්මාට්ට වෛර කලත් අන්තිමට එයාට උනේ අඳුරු සලකුණ අතේකොටා ගන්න; ඩම්බල්ඩෝර් දිහාවට යෂ්ඨිය දික් කරන්න. මට ඕනේ එයා මාවවිශ්වාස කරන්න. එයාගේ පැත්තට කවුරු නැතත් මම ඉන්න බව, එයාට උදව් කරනබව එයාට ඒත්තු ගන්වන්න. එයා ඒක දැන ගත්තොත් එයාට ඒක ලොකු දෙයක්වෙයි. මම හිතන්නෙ.

දිනපොතේ තිබ්බ එකම සටහන් එච්චරයි. HJP කියල යටින් අත්සන් කරල තිබ්බා.

ඩ්‍රැකෝ පොත වහල කතාවක් නැතුව කවරේ දිහා ඇහිපිය නොගහ බලාගෙන හිටියා. තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල දැනුනු නිසා ඩ්‍රැකෝ ඔලුව උස්සල බැලුවම දැක්කා අවුල් වෙච්ච කලු කෙස්, දිලිසෙන කොලපාට ඇස්, රවුම් කන්නාඩි එක්ක හැරී තමන් දිහා බලාගෙන ඉන්නවා. හැරීගේ මූණ රතු වෙලා.

“මැල්ෆෝයි, බැරිවෙලාවත් මගේ ජර්නල් එක දැක්කද ? රිදී පාට පොඩි එකක් ?”

ඩ්‍රැකෝගේ ඇස් කඳුලු වලින් පිරෙන්න ගියේ තත්පරයකටත් අඩු කාලයක්. හැරී මේක දැක්කා.

“මැල්ෆෝයි මොකද උනේ ? ඇයි අඞන්නේ ?”

හැරී ඩ්‍රැකෝ ලඟට හිමින් ආවා. ඩ්‍රැකෝ හැරීගේ දිනපොත උස්සලා පෙන්නුවා. හැරී ගල් ගැහිලා බලන් හිටියා. දිනපොත ආපහු මේසෙන් තියපු ඩ්‍රැකෝ නැගිටලා හැරී ගාවට ගියා. හිමින් සීරුවේ හැරීගේ වටේ අත්දෙක යවලා හැරී ලඟට ඇදල ගත්තු ඩැකෝ හැරීගෙත් තමන්ගෙත් දෙතොල් අතර තිබ්බ අඟල් කීපයක දුර නැති කලා. හැරීගේ පුදුමයෙන් ගල්ගැහිලා හිටියේ තත්පර කීපයක් විතරයි. හැරී ඩ්‍රැකෝගේ ඉන වටේ අත් යවලා තව ඩ්‍රැකෝව තමන්ගේ ඇඟට හිර කර ගත්තා.

අහල පහල හැමදෙනාම වැඩ නවත්තලා ඇස්, කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කැමරා විදුලි එලි එකදිගට වදිනවා. ඒත් හැරීවත් ඩ්‍රැකෝවත් ඒ එකක්වත් ගානකටවත් ගත්තේ නෑ. දිනපොතේ ලියල තිබුන විදියටම කිසි කෙනෙක්ට, කිසි දෙයකට බෑ දැන් එයාලව වෙන් කරන්න.

 

inspired by a story i read on fan fiction.net

 

By Sayuru Gajasinghe


* He doesn’t even know

I first met him when i was barely in my teens; my blue haired, total black wearing, swimmer body days (Yes, I was that guy everyone thought spent too much time watching late-night 90′s Mtv goth specials, and yes, it’s the moment in time my body was at the perfect hight and the perfect definition that I’m yet to achieve). But he saw me, he walked straight upto me with a big grin, 7 stitches across his forehead and gave me a big ‘hi!’ that was a little too enthusiastic for a guy who fell off his roof just 2 days ago. Oh yeah, and he gave me a glass of fanta.

Read the full story here

By Jude Gayantha Perera

*දරු ගැබ

ගිනි කඳු පුපුරා කුස තුල
ලෝදිය හැලෙනවා ඔබ පහස ඉල්ලා…
අනෝරා වැසි වසිනවා නුවනග
පිටාර යනවා ඔබ වත ඉල්ලා…
කාෂ්ටක පොලොව මා ලය මත
ඉරි තැලෙනවා ඔබ තෙතමනය ඉල්ලා…

මක් කරන්නද නැතුවාට මා හට
දරු ගැබක්, දෙන්නට දරුවෙකු ඔබට…
ආදරෙයි නමුදු ඔබ මා හට
කියයි මුමුණා හිමිහිට…
මක් කරන්නද නැතුවාට මා හට
දරු ගැබක්, දෙන්නට දරුවෙකු ඔබට…
නොසිතුවේ මම ඔබ පෙම් කළේ මා හට
ඇති හදවතට නොවේ නමුත් නැති දරු ගැබට…
මක් කරන්නද නැතුවාට මා හට
දරු ගැබක්, දෙන්නට දරුවෙකු ඔබට…
පෙම් බදිනු එපා ඉතින් මා හට
මක් කරන්නද නැතුවාට
ඔබට පෙම් බදින්නට දරු ගැබ මා හට…

* Romancing the Wedding

Bright lights glistened and a thousand and one conversations were progress. It was a happy occasion for two of my friends on their wedding day. Everyone in their best attire seemed to be enjoying themselves with the free flowing booze and the gossip. I felt an unbelievable sense of loneliness even in the midst of a large group of my friends, their husbands, wives and fiancés, sitting around a table drinking and talking.

Read the full story here

By A. K.

* My family photo

It was a triangle at a distance,

Of shades in brown, in beige and yellow.

Grandfather’s head at the apex.

Close to him Grandmother… un-touching and erect.

Aunts and uncles arranged neatly in pairs-

to the left and to the right, each trying to outdo the other

frilled children on laps and cross legged boys.


My head will never appear at an apex.


Always a line of coloured shirts and tee shirts.

Hands over shoulders or pressed together

One body to another, hugging in a horizontal uneven line,

smiling or scowling faces.

Altering constellations,

The face in the centre always changing…

no pairs or permanent arrangements for me.

-Ashokamala


* Afternoon Affair

I hear him gargling. Rinse, spit, clear his throat and, gargle again. He repeats it several times. It wasalways the same, every time, this purification ritual. I heard the water run in the shower. I hated this.Was what just happened between us so dirty? Impure…unhygienic to him, that he has to go throughsuch a lengthy cleansing process?

I, on the other hand, would long for him after he had gone… smell his scent on my pillow, on the bedsheet, in the air of this stuffy room, on my body because, at the end of the day that was all I was leftwith… his scent. I shifted on the bed. My body was covered in sweat; the creaky old ceiling fan didn’tprovide any relief from the heat and humidity of the room. I felt my entire life was like that creaking oldceiling fan, constantly moving without really going anywhere… around and round.

Read the full story here

By A. K.


* අහෝ වික්ටෝරියා !



4 Responses to “PinK ink”

  1. Nikil Nirvana Says:

    WOW! cool man……really nice one….like the way you use words & narrate them…..really good one.
    P.S: well, I know this feeling….I had this feeling soooooooooo long ago but i still remember it very well. The situation wasn’t exactly the same but the feeling…..this reminded me that. that was the last time I felt that feeling & I hate it…..well, don’t hate it…I really don’t like it. I never wanna do that again. Never……………….

    Nikil

    ( This is a comment on the short story “Afternoon affair” )

  2. Thisara gayan Says:

    Really love it…..keep it up…..waiting to read next one too..

    ( This is a comment on the short story “Afternoon affair” )

  3. ya… its really a nice story… but little bit boring to continue reading at a stretch.. though.. its a good experience even for me to learn who don’t hav any kind of lov experience…:):)

    ( This is a comment on the short story “Afternoon affair” )

  4. I was glad that near the end of the story Randi did turn out to be sincere in his feelings. And I liked how he sometimes called Raji “bro”.
    ( This is a comment on the short story “Afternoon affair” )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.