International Day Against Homophobia – 17th May 2011

Posted in Gay Sri Lanka on May 16, 2011 by thesakhicollaboration

The Sakhi Collaboration in keeping with its theme of ‘Spreading Love’ in 2011 launches its campaign to mark International Day Against Homophobia.

The International Day Against Homophobia is an annual thematic event that unifies LGBT people and the people who love them all over the world. This week we invite all Citizens from all walks of life to reflect on homophobia and its devastating effects.

May 17th is symbolic due to its significance in improving the status of gays and lesbians. In removing homosexuality from its list of mental illnesses on a May 17 1990, the World Health Organisation (WHO) put an end to over a century of homophobia in the medical field. IDAHO (Internatioanl Day against Homophobia ) organization proposed this date for annually holding a day set aside to fight homophobia. The Declaration of Montréal (July 29, 2006), borne out of the International Conference on LGBT Rights that preceded the first World Outgames, recommended the worldwide recognition of an International Day Against Homophobia on May 17 of each year.

Why is the International Day Against Homophobia so important?

Like other forms of discrimination and intolerance such as racism, sexism or anti-Semitism, homophobia has devastating, repercussions for its victims. The suicide rate among young gays is much higher than with their heterosexual peers, a great number of gays, lesbians and bisexuals live in secret and in fear of rejection, and transgendered and transsexual persons still live on the fringe of society.

For most LGBT people Homophobia is a daily reality and takes many forms and shapes. Sometimes as obvious as a verbal insult or a physical attack to more subtle and disguised, discrimination such as exclusion form family events or denial of positions of authority.

Long term effects of such sustained and repeated negativity contributes to an ‘internalised homophobia’ making it difficult for some LGBT persons to accept and live a sexual orientation that is different from that of the majority, affecting their ability to live happy fulfilled lives. With laws that criminalize Homosexuality such as Article 365/365A of the Sri Lankan penal code, social equality among all citizens regardless of the sexual orientation or sexual identity remains to be achieved.

Despite these dire situations, the implementation of the International Day Against Homophobia should not rest on a ‘victimisation’ philosophy. In fact, the Day may be seen as a great opportunity to highlight positive aspects of homosexuality and celebrate the contribution of LGBT persons to society.

*** We invite you to display these posters or any other message that draws attention to the International Day Against Homophobia on the 17th of May 2011.

2011 වසරේ අප සකි සහයෝගීතාවයේ ‘ආදරය පතුරුවන්න’ තේමාව අනුව ජාත්‍යන්තර සමලිංගික භීතිකාවට එරෙහි දිනය සමරමින් මෙසේ අපගේ ප්‍රචාරණ ව්‍යාපාරය එලි දක්වමු.

ජාත්‍යන්තර සමලිංගික භීතිකාවට එරෙහි දිනය ලොව පුර විසිරී සිටින LGBT පුද්ගලයින් හා ඔවුන්ට ආදරය කරන අය එකට එකමුතු කරන, වාර්ෂිකව තේමාවකින් යුත් වැඩසටහනකි. එබැවින් මෙම සතිය තුල සියලුම තරාතිරමේ පුද්ගලයින්ට සමලිංගික භීතිකාව හා එහි ඇති භයානකකම පිලිබදව ආවර්ජනය කිරීමට ඇරයුම් කරමු.

මැයි 17 වන දිනය සංකේතාත්මකව සියලු සමලිංගික ස්ත්‍රීන්ගේ හා පුරුෂයින්ගේ තත්ත්වයන් වර්ධනය කිරීමෙහිලා වැදගත් වූ දිනයකි. වෛද්‍ය ක්ෂේත්‍රයෙහි වූ දශක ගණනාවක් පැරණි සමලිංගික භීතිකාව මුලිනුපුටා දමමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් 1990 මැයි 17 වන දින ඉවත් කරන ලදී. එබැවින් IDAHO (Internatioanl Day against Homophobia ) සංවිධානය වාර්ෂිකව සමලිංගික භීතිකාවට එරෙහිව නැගී සිටින දිනයක් ලෙස මැයි 17 වන දින නම් කරන ලෙස යෝජනා කරන ලදී. LGBT අයිතිවාසිකම් සදහා වූ ජාත්‍යන්තර සමුළුවේදී ( 2006 ජුලි 29 ) ඇතිකරගත් මොන්ට්‍රියාල් ප්‍රඥප්තිය සෑම වසරකම මැයි 17 වන දින ලොව පුරා ජාත්‍යන්තර සමලිංගික භීතිකාවට එරෙහි දිනය ලෙස නිර්දේශ කරන ලදී.

ජාත්‍යන්තර සමලිංගික භීතිකාවට එරෙහි දිනය ඇයි මෙපමණ වැදගත් වන්නේ ?

ස්ත්‍රී පුරුෂභාවය නිසා වෙනස්කම් කිරීම, වර්ගවාදය හෝ යුදෙව් විරෝධීවාදය වැනි වෙනස්කොට සැලකීම හා අසහනයන් සේම සමලිංගික භීතිකාවත් එයට ගොදුරු වන්නන්ට භයානක ප්‍රතිපල ගෙන දෙන්නක් විය. විරුද්ධ ලිංගික තරුණ තරුණියන්ට වඩා සමලිංගික තරුණ තරුණියන් අතර සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහලය. කොන් වේ යැයි බියෙන් විශාල වශයෙන් සමලිංගික ස්ත්‍රීන්, පුරුෂයින් ( Gay , Lesbian ) හා ද්වීලින්ගික ( Bi ) පුද්ගලයින් හොර රහසේ එය තබා ගෙන තම ජීවිත ගත කරයි. සංක්‍රාන්ති ලිංගිකයන් ( Transgender ) තවමත් සමාජයේ නොයෙකුත් ගැරහීම් වලට ලක් වෙයි.

විවිධාකාරයෙන් වුවද LGBT පුද්ගලයින් සමලිංගික භීතිකාවට දිනපතා පාහේ මුහුණ දීම යථාර්තයකි. සමහර අවස්තාවන්හී එය වාචිකව නින්දා කිරීම, ශාරීරිකව පහර දීම, සිය පවුලෙන් අයින් කිරීම හෝ සේවා ස්ථාන වලින් ඉවත් කිරීම දක්වා විය හැක.

බහුතර විරුද්ධ ලිංගිකයන්ගේ නොනවත්වා අසන්නට ලැබෙන ඍණාත්මක මත නිසා තමන් සමලිංගික වුවද එයට විරුද්ධ වන්නෙකු ලෙස හැසිරීමට හා සමලිංගිකයන්ට හිරිහැර කිරීමට පටන් ගැනීම තවත් අවාසනාවන්ත කරුණකි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365 A වගන්ති අනුව සමලිංගිකත්වය සාපරාධී වරදක් ලෙස සැලකීමෙන් ලිංගික අනන්‍යතාවයන්ගෙන් තොරව සැම දෙනාටම එක සේ ජීවත් වීමට ඇති අයිතිය තවමත් අප දින ගත යුතු දෙයක් වී ඇත.

කෙසේ වුවද මෙවැනි බියකරු දේ සිදු වන අවස්ථාවේදී ජාත්‍යන්තර සමලිංගික භීතිකාවට එරෙහි දිනය හුදෙක් සමලිංගිකයන්ට සිදුවන හිරිහැර හුවා දක්වමින් සමාජය දැනුවත් කිරීමට වඩා සමලිංගිකයන් තුල ඇති ධනාත්මක කරුණු ගෙන දක්වමින් ඔවුන්ට තම ජීවිත සතුටින් හා සාමාන්‍ය පරිදි ගෙන යා හැකි පරිසරයක් ගොඩ නැගීම කළ යුතුව ඇත.

***මෙම පෝස්ටරයන් හෝ සමලිංගික භීතිකාවට එරෙහිව අදහස් දක්වන පණිවුඩයක් ජාත්‍යන්තර සමලිංගික භීතිකාවට එරෙහි දිනය වන 2011 මැයි 17 වන දින ඔබේ Facebook පිටුවේ පළ කරන මෙන් ඇරයුම් කරමු.

හැරී පොටර්ගේ දිනපොත

Posted in LGBT fiction, Love, Queer Arts, Queer Literature on January 10, 2011 by thesakhicollaboration

 

නිස්කාරණේ මොන කෙහෙල්මලකට තමන්ව තමන්ගේ තාත්තත් එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරෙන්නේ නැති මෝඩයා

අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච හැරී පොටර්ගේ දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පේලිය ඩ්‍රැකෝ කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම.

මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි දන්න කාලේ ඉඳලම හතුරෝ නිසා. අද උනත් එකට අවුරර් සහකාරයෝ හැටියට වැඩ කලත් ඒකේ වෙනසක් නෑ. අනේ මට ආපහු අතීතයට ගිහින් එදා ඩ්රැකෝ අත දික්කරපු වෙලේ ඒක පිලිගන්න පුලුවන්නම්.

කුරුටු අකුරු දිගේ හිමිහිට ඇඟිලි තුඩු ගෙනියන ගමන් ඩ්‍රැකෝගේ හිත අතීතයේ ඒ අවාසනාවන්ත දවසට ඇදිලා ගියා. එදා ඩ්‍රැකෝ හැග්රිඩ්ට අපහාස කලේ නැත්නම්, වීස්ලිත් එක්ක රණ්ඩුවක් ඇදල ගත්තේ නැත්නම් හැරී තමන්ගේ අත පිලිගන්න තිබ්බ බව ඩ්‍රැකෝ කල්පනා කලා.

එයා මං දිහා බලා ඉන්න හැම වෙලාවෙම මට හුස්ම ගන්න පවා අමතක වෙනවා. හැම වෙලාවෙම මට හිතෙනව ගිහින් එයාව තදින් බදාගන්න. මට ඕනෙ එයාව ඉඹින්න, එයාට කියන්න එයා වෙනුවෙන් ලෝකේ කෙලවරටම උනත් යන්න මම ලෑස්තියි කියල. මම හොග්වර්ට්ස් කාලේ එයාට වෛර කරපු බව ඇත්ත. ඉතින් මොකද ?”

ඩ්‍රැකෝට කෑගහන්න ඕන උනා එයාටත් හැරී වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් කියල. ඒත් හැරී එහා පැත්තේ කාමරේ ඉන්න බවත්, එහෙම කලොත් දිනපොත හොරෙන් ගත්තු බව අහුවෙන බවත් ඩ්‍රැකෝට මතක් උනා.

මම එයාට ගොඩක් ආදරෙයි. මදිද ?”

ඇති. හොඳටම ඇති. ඩ්‍රැකෝට හයියෙන් කෑගහලා අඞන්න ඕන උනා. ඒත් කිසිම සද්දයක් පිටනොකර හිටියේ එහෙම කලොත් එහා කාමරේ ඉඳන් හැරී මුමුණන සින්දුවට බාධා වෙන නිසා.

යුද්ධේ ඉවර වෙලා අවුරුදු හතරක් ගතවුනා. ඒත් ඇයි තාමත් මිනිස්සු එයාට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැත්තේ ? මුන් ඔක්කොම එයා සියදිවි නසාගන්නකන් කරදර කරාවි. පත්තර කාරයන්ටත් ඊට වඩා හොඳ ආරංචියක් නැති වෙයි. මැල්ෆෝයි පරපුරේ අන්තිමයා සියදිවි නසා ගනියි.පත්තරේ එහෙම යයි.

ඩ්‍රැකෝ එලියට පනින්න ආපු ඉකිබිඳුම අමාරුවෙන් නවත්ත ගත්තත් කඳුලු නවත්තගන්න බැරි උනා. ඩ්‍රැකෝ අද ඉස්කෝලේ යන කාලේ හිටපු රදල තාත්තාගේ පුතා නෙමේ. යුද්ධය ගොඩක් දේවල් වෙනස් කලා.මම ඩ්රැකෝ මැල්ෆෝයිට ආදරෙයි. එච්චරයි. මගේ හැඟීම් වලට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. මම කොහෙවත් යන සක්කිලින්ට, පාහර පත්තරකාරයන්ට, ස්කීටර් වගේ ගණිකාවන්ට ඉඩ දෙන්නෙ නෑ එයාට තව දුරටත් කරදර කරන්න. එයා මගේ. ඒක ගලේ කොටපු දෙයක් වගේ ස්ථිරයි. එයා වෙනුවෙන් නැති මගේ මැජික් යශ්ඨිය වෙන මොනාටද ?”

ඩ්‍රැකෝගේ ඇඟිලි වෙව්ලන්න ගත්තා. ඇහේ කඳුලු නිසා හරියට පේන්නෙ නැතුව ගියා.

ඕන කෙනෙක් ඕන ඕපදූපයක් පතුරපුවාවේ. එකෙක්ටවත් අපිව වෙන් කරන්න බෑ. මම මගේ උපරිමයෙන් එයාව ආරක්ෂා කරනවා. ඩ්රැකෝ මැල්ෆෝයිටත් අයිතියක් තියෙනවා සතුටු වෙන්න. ඇයි හැම කෙනාම අයිතියට හරස් වෙන්නෙ ?”

මට එහා පැත්තේ කියුබිකල් එකේ ඉන්න එයාගේ හුස්ම ගන්න සද්දේ තරම් මාව සන්සුන් කරන්න පුලුවන් වෙන සද්දයක් නෑ. එයා කරදරේක නම් මොකක් හරි ප්රශ්නයක් නම් මම දැන ගන්නේ එතකොට එයාගේ හුස්ම ගන්න සද්දේ නෑහෙන තරමට අඩුවෙන නිසා.

මට ඇහෙනවා අනිත් අය එයාට අපහාස වෙන්න කියන කතා, ඇනුම්පද. ඔක්කොම මරල දාන්න පුලුවන්නම් වෙනුවෙන් ඇස්කබාන් හිරගෙදරට යන්න උනත් මම ලෑස්තියි.

සමහර වෙලාවට කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න හදන එයාගේ උත්සාහය කඩන් වැටෙනවා මම දැකල තියෙනවා. එයා එහෙම දකිනවා තරම් දුකක් මට තවත් නෑ. ඉස්කෝලේ යන කාලේ ඩ්රැකෝ කියන්නේ කාටවත් අල්ලන්නවත් බැරි කෙනෙක්. එයාට සංසන්දනය කරන්න කිසිම කෙනෙක් නෑ. එයා අඩු පාඩුවක් නැති අපූරු මිනිහෙක්. එයාට පාඩුවේ ඉන්න දීපන් කියල මුලු ලෝකෙටම කෑගහල කියන්න ඕනේ මට. අවුරුදු කීපක් තිස්සේ එයා දුක් වින්දා හොඳටම ඇති. අවංක හිනාවක් එයාගේ මූනේ මම මෙච්චර කාලෙකට කවදාවත්ම දැකල නෑ.

ඒ වෙලාවේ ඩ්‍රැකෝ කඳුලු අතරින් හිනා වුනා.

ඩ්රැකෝ කොච්චර යටහත් පහත් කෙනෙක්ද කියල මට තේරෙන්නේ දැනුයි. මම තරමටම වොල්ඩ්මාට්ට වෛර කලත් අන්තිමට එයාට උනේ අඳුරු සලකුණ අතේ කොටා ගන්න; ඩම්බල්ඩෝර් දිහාවට යෂ්ඨිය දික් කරන්න. මට ඕනේ එයා මාව විශ්වාස කරන්න. එයාගේ පැත්තට කවුරු නැතත් මම ඉන්න බව, එයාට උදව් කරන බව එයාට ඒත්තු ගන්වන්න. එයා ඒක දැන ගත්තොත් එයාට ඒක ලොකු දෙයක් වෙයි. මම හිතන්නෙ.

දිනපොතේ තිබ්බ එකම සටහන් එච්චරයි. HJP කියල යටින් අත්සන් කරල තිබ්බා.

ඩ්‍රැකෝ පොත වහල කතාවක් නැතුව කවරේ දිහා ඇහිපිය නොගහ බලාගෙන හිටියා. තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල දැනුනු නිසා ඩ්‍රැකෝ ඔලුව උස්සල බැලුවම දැක්කා අවුල් වෙච්ච කලු කෙස්, දිලිසෙන කොලපාට ඇස්, රවුම් කන්නාඩි එක්ක හැරී තමන් දිහා බලාගෙන ඉන්නවා. හැරීගේ මූණ රතු වෙලා.

“මැල්ෆෝයි, බැරිවෙලාවත් මගේ ජර්නල් එක දැක්කද ? රිදී පාට පොඩි එකක් ?”

ඩ්‍රැකෝගේ ඇස් කඳුලු වලින් පිරෙන්න ගියේ තත්පරයකටත් අඩු කාලයක්. හැරී මේක දැක්කා.

“මැල්ෆෝයි මොකද උනේ ? ඇයි අඞන්නේ ?”

හැරී ඩ්‍රැකෝ ලඟට හිමින් ආවා. ඩ්‍රැකෝ හැරීගේ දිනපොත උස්සලා පෙන්නුවා. හැරී ගල් ගැහිලා බලන් හිටියා. දිනපොත ආපහු මේසෙන් තියපු ඩ්‍රැකෝ නැගිටලා හැරී ගාවට ගියා. හිමින් සීරුවේ හැරීගේ වටේ අත්දෙක යවලා හැරී ලඟට ඇදල ගත්තු ඩැකෝ හැරීගෙත් තමන්ගෙත් දෙතොල් අතර තිබ්බ අඟල් කීපයක දුර නැති කලා. හැරීගේ පුදුමයෙන් ගල්ගැහිලා හිටියේ තත්පර කීපයක් විතරයි. හැරී ඩ්‍රැකෝගේ ඉන වටේ අත් යවලා තව ඩ්‍රැකෝව තමන්ගේ ඇඟට හිර කර ගත්තා.

අහල පහල හැමදෙනාම වැඩ නවත්තලා ඇස්, කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කැමරා විදුලි එලි එකදිගට වදිනවා. ඒත් හැරීවත් ඩ්‍රැකෝවත් ඒ එකක්වත් ගානකටවත් ගත්තේ නෑ. දිනපොතේ ලියල තිබුන විදියටම කිසි කෙනෙක්ට, කිසි දෙයකට බෑ දැන් එයාලව වෙන් කරන්න.

 

inspired by a story i read on fan fiction.net

 

This short story was written by Sayuru Gajasinghe for PinK ink


 

He doesn’t even know

Posted in Gay, Gay Sri Lanka, LGBT issues, lifestyle, Love, Queer Arts, Queer Literature on January 3, 2011 by thesakhicollaboration

I first met him when i was barely in my teens; my blue haired, total black wearing, swimmer body days (Yes, I was that guy everyone thought spent too much time watching late-night 90′s Mtv goth specials, and yes, it’s the moment in time my body was at the perfect hight and the perfect definition that I’m yet to achieve). But he saw me, he walked straight upto me with a big grin, 7 stitches across his forehead and gave me a big ‘hi!’ that was a little too enthusiastic for a guy who fell off his roof just 2 days ago. Oh yeah, and he gave me a glass of fanta.

Read the full story here

This short story was written by Jude Gayantha Perera for PinK ink

A new year full of LOVE!

Posted in Love on December 31, 2010 by thesakhicollaboration

The Sakhi Collaboration wishes every one a New Year full of LOVE!

 

දරු ගැබ

Posted in Family, Gay Sri Lanka, lifestyle, Poetry, Queer Arts, Queer Literature on December 14, 2010 by thesakhicollaboration

ගිනි කඳු පුපුරා කුස තුල
ලෝදිය හැලෙනවා ඔබ පහස ඉල්ලා…
අනෝරා වැසි වසිනවා නුවනග
පිටාර යනවා ඔබ වත ඉල්ලා…
කාෂ්ටක පොලොව මා ලය මත
ඉරි තැලෙනවා ඔබ තෙතමනය ඉල්ලා…

මක් කරන්නද නැතුවාට මා හට
දරු ගැබක්, දෙන්නට දරුවෙකු ඔබට…
ආදරෙයි නමුදු ඔබ මා හට
කියයි මුමුණා හිමිහිට…
මක් කරන්නද නැතුවාට මා හට
දරු ගැබක්, දෙන්නට දරුවෙකු ඔබට…
නොසිතුවේ මම ඔබ පෙම් කළේ මා හට
ඇති හදවතට නොවේ නමුත් නැති දරු ගැබට…
මක් කරන්නද නැතුවාට මා හට
දරු ගැබක්, දෙන්නට දරුවෙකු ඔබට…
පෙම් බදිනු එපා ඉතින් මා හට
මක් කරන්නද නැතුවාට
ඔබට පෙම් බදින්නට දරු ගැබ මා හට...

This poem was written by a Sri Lanka queer person for PinK ink.


Goodbye Nigel….until we meet again!

Posted in Family, Gay, Gay Rights, Gay Sri Lanka, HIV/AIDS, HIV/AIDS awareness, Human Rights, LGBT activists, Poetry, Queer Literature on December 7, 2010 by thesakhicollaboration

We will not forget…

Your passion when you worked, when you danced, when you sang.

The fun times you shared with us, over drinks.

When you laughed (your loud infectious laugh).

Your gentleness when someone needed a shoulder.

Your smile, even as your illness kept weakening your body.

In your moments of aloneness…you managed to be courageous…You managed to smile.

We will remember you. Your strength will give us strength; your courage will continue to inspire us. And your message of awareness we will continue to echo.

Goodbye Nigel…..

 

Fly, fly precious one

Your endless journey has begun

Take your gentle happiness

Cross over to the other shore

There is peace forevermore

But hold this mem’ry bittersweet

Until we meet.

 

Fly, fly do not fear

Don’t waste a breath, don’t shed a tear

Your heart is pure, your soul is free

Be on your way, don’t wait for me

Above the universe you’ll climb

On beyond the hands of time

The moon will rise, the sun will set

But I won’t forget.

Spread some LOVE – Only LOVE

Posted in HIV/AIDS, HIV/AIDS awareness, LGBT activists, Media, Sexually transmitted Infection awareness, Sexually transmitted Infections on November 29, 2010 by thesakhicollaboration